ලොරිස් නිවාසවල ඉන්න 'බලවතුන්' කවුද? තොරතුරු දෙන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බෑ කියයි
කොළඹ 04 පිහිටි රජයට අයත් ලොරිස් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇත්තේ කථානායකවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු කුමන පුද්ගලයින්ටද යන්න පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මාධ්‍යවේදී රේඛා නිලුක්ෂි විසින් 2025 නොවැම්බර් 20 වන දින යොමු කළ මෙම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, 2026 ජනවාරි 09 වන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරිනිය හිරන්සා කළුතන්ත්‍රි විසින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ලැයිස්තුවට එද්දීත් ද්විත්ව පුරවැසියෙක් ද? ශිරාල්ගෙන් බරපතළ චෝදනාවක්
අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ, ඉල්ලූ තොරතුරු 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 5(1) සහ 5(2) වගන්තිවලට අනුව 5(අ) උපවගන්තිය යටතට අයත් වන බැවින් එම තොරතුරු නිකුත් කළ නොහැකි බවයි. අභියාචනයටද ප්‍රතිචාර නොමැත.
මෙම තීරණයට එරෙහිව 2026 පෙබරවාරි 09 වන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, මේ දක්වා ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තා වේ.
ලොරිස් නිවාස සංකීර්ණයේ නිවාස වෙන්කිරීම් සම්බන්ධයෙන් පවතින මෙම තත්ත්වය හේතුවෙන් රාජ්‍ය නිවාස බෙදාහැරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳවද ප්‍රශ්න මතුව ඇති බව වාර්තා වේ.