රට මුළුමනින්ම වසා දැමීම පිළිබද අද ලබා දුන් තීරණය මෙන්න
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත්, ඉදිරියේදී ඇතැම් තීන්දු තීරණ වෙනස් වනු ඇති බවත්, පවතින සංචරණ සීමා දැඩි වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මෙය අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ රට වසා දැමුවහොත් මෙරට දෛනික විනිමය ඉපැයීම් ඉතා පහල බසිනු ඇති බවයි. එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ඉන්ධන පවා ආනයන කල නොහැකි වනු ඇති බවත් මෙරට ඉන්ධන ආනයනයට පවා මුදල් සංචිතයක් නොමැති බවත්ය.
එමෙන්ම ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට"ලොක්ඩවුන්"(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් "ලොකප්" ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.
පුද්ගල සංචරණ ඉදිරි සති දෙකේදී හැකිතාක් සීමා කළ යුතු බවද කළ නොහැකි නම්සඳහන් කළේය. වයිරසය බෝවිය හැකි සියලුම ස්ථාන වසා දැමිය යුතු බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව, අවමංගල්‍ය උත්සව කායවර්ධන මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.
පුද්ගල සංචරණ මේ ආකාරයට සිදු වන්නේ නම් කොරෝනා පැතිරීම කිසිසේත් පාලනය කළ නොහැකි බවත් පළාත් සංචරණ සීමා පණවා ඇතත් පළාත් හැරෙන්නට මිනිසුන් සියලු දෙනා හිතුමතේ සංචරණය කරන බවත් ඔහු සඳහන් කළේය .
රජය සහ අදාළ ආයතන එකතුවී ඉදිරි සති දෙක තුළ දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවත් ආයතනවලට සේවකයන් කැඳවීමද සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අමාරු යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
You may Like this video-:
දවසින් දවස අවදානම ඉහල යන හැටි... ගණන් ගන්නේ නෙතුව ඉන්න එපා..!!
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |