අපේ තාත්තා අපි ගැන වැඩිය බැලුවෙ නෑ, අම්මා නැති වුනාම නංගිලා දෙන්නගෙ අම්මා වෙන්න මට සිද්ද වුණා.. (PHOTOS)

By Sithumi Nov 10, 2022 05:19 PM GMT
Sithumi

Sithumi

Report

ටික් ටොක් හරහා සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය කෙනෙක් තමයි ලෝචනා ජයකොඩි කියන්නේ. ජනප්‍රියත්වය ගැන කතා කරනකොට ලෝචනාව අමතක කරන්න බැරි තරම් ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. ඇගේ නම ලෝචනා ජයකොඩි වුනත් හැමෝම ඇයව හදුනන්නේ ලෝචි කියලයි. ලෝචිගේ වීඩියෝ හැමෝම වගේ නරඹනවා සහ ඒවා ගොඩක් විනෝදකාමී වීඩියෝ. 

ඉතින් ප්‍රේක්ෂකයන්ව හිනා ගස්සන රංගනයෙන් යුත් දක්ෂතාවයක් ඇයට තියෙනවා. විවිධ විලාසිතා අනුගමනය කරන ලෝචි විශේෂ අවස්ථාවන් වලට හරි අපූරුවට හැඩ වෙනවා. හැමෝගෙම ආකර්ෂණය ලබා ගන්න ලෝචි ගොඩක් වෙලාවට සරල විලාසිතාවන් තමයි අනුගමනය කරන්නේ. 

ඉතින් විනෝදයට බර ලෝචිගේ සැබෑ ජීවිතය ගැනත් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් හොදින්ම දන්නවා. ඇගේ ආදරණීය මව මේවන විට මෙලොවින් සමු අරන් කියලත් අපි හැමෝම දන්නවා. කවුරුත් දන්න නමුත් ලෝචිගේ ජීවිතයට හමු වුණු ප්‍රශ්න බාධකයන් නිසා ඇය තම ජීවිතය තුල ශක්තිමත් කෙනෙක් බවට පත් වුණා. 

ඇයට පාසල් අධ්‍යාපනයට පවා බාධා එල්ල වීමත් එක්ක පාසල් ගමනත් අතරමග නතර කරන්නට සිදුවුණා. ඒ අම්මගේ වියෝවත් එක්ක. ඉතින් ඒ අමිහිරි අත්දැකීම ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ. ” මට තිබ්බ වගේ ප්‍රශ්න ගොඩක් කට්ටියට තියෙනවා ඇති. මීට වඩා තවත් ප්‍රශ්නත් ඕන තරම් ඇති. අපේ අම්මා අසනීප වුණාම මම ගොඩක් ශක්තිමත් වුණා. අම්මගේ වැඩ කලෙ මම. ඒ නිසා මගේ ඉස්කෝල ගමන ටික ටික අඩපන වුණා ඒ කාලය තුළදී. ඊට පස්සේ අම්මා නැති වුනාම මම නංගිලා දෙන්නගේ අම්මා වුණා. මට ඒ දෙන්නගෙ වගකීම ගන්න සිද්ද වුණා. මගෙයි ලොකු නංගිගෙයි වයස් පරතරය අවුරුදු තුනයි චුටී නංගි මට වඩා අවුරුදු හයක් බාලයි. මට ඕන වුණේ නංගිලා දෙන්නා හොද තැනකට එනවා බලන්න. අපේ තාත්තා අපි ගැන වැඩිය හොයලා බැලුවෙ නෑ. මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. මොකද අපේ තාත්තා තාම ජීවතුන් අතර ඉන්න නිසා. ඉතින් නංගිලා දෙන්න ගැන වගකීම මම ගත්තා. දැන් මගේ ලොකු නංගි මැරි කරලා දැන් එයාට බබෙකුත් ඉන්නවා. මට මාර හැපි එයා සතුටින් ඉන්න නිසා. චූටි නංගි ඉගෙන ගන්නවා. ඉතින් එයාගේ අධ්‍යාපනයට උදව් කරනවා. අපි එක් ප්‍රශ්නයක් නිසා අපේ ජීවිතේ කඩා වට්ටගන්න හොද නෑ

GalleryGalleryGalleryGallery
ReeCha