මගෙ පළමු විවාහය අසාර්ථක වුණත් මම කවද හරි විවාහ වෙලා දරුවො හදනවා (PHOTOS)

Srilanka gossip youtuber Tik tok lochi
By Sithumi Jan 18, 2022 03:56 PM GMT
Sithumi

Sithumi

Report
145 Shares

මේ දවස් වල ලෝචි කිව්වම නොදන්න කෙනෙක් නැහැ. ඇය සෝෂල් මීඩියා ඔස්සේ ඉතාම කෙටි කලකින් ලංකාවේ පමණක් නොව පිටරටවල් වල ද ජනප්‍රියත්වයට පත්ව සිටින කටකාර දඟකාර රුවැත්තියක්.

Tik tok සහ youtube යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිර්මාණාත්මක කෙටි වීඩියෝ පළ කර එය සිය වෘත්තිය කරගනිමින් ඉතා සාර්ථක ගමනක් ආ මේ යුවතිය මේ වනවිට සියත නාලිකාව ඔස්සේ විකාශනය වන race ටෙලි නාට්‍යයේ රංගනයට දායක වනවා. ඒ වගේම තමයි ඇය මේ වන විට වෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයක ද වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා.

ඇගේ විනෝදකාමී සරල හැසිරීම් රටාව නිසාත් නිර්මාණශීලී අදහස් ප්‍රකාශයන් නිසාත් ඇයට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඇය මේ තරම් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නේ ඇයගේම උත්සාහයෙන් සහ කැපවීමෙනි.

ඇය මේ තරම් දුර ඒම සඳහා බොහෝ දුෂ්කරතා වලට මුහුණ පා තිබෙනවා.ඇය කුඩා කාලයේදීම ඇයගේ මව මෙලොවින් සමුගන්නා අතර ඇගේ නැගෙණියන් දෙදෙනාගේ සියලුම කටයුතු සිදු කරන ලද්දේ ඇය විසිනි. මවගේ හැර යාමත් සමඟ ඇයගේ නෑදෑ හිතමිත්‍රාදීන් ද ඔවුන්ට වෙනස්කම් කළ අතර දැන් ඇයට ඔවුන්ගෙන් ඇත්තේ මහත් වූ පිළිගැනීමක්. මීට අවුරුදු දෙක හමාරකට කලින් ඇය පුද්ගලයෙක් සමග විවාහ ගිවිස ගන්නවා. නමුත් පසුව එම විවාහය දෙදරා යනවා.

ඇය යම් කිසි දවසක විවාහ වෙලා දරුවන් හදලා ජීවිතේ විඳිනවා කියන දේත් සමඟ ඇයට ඕනෙ දේවල් සියලු දෙයක්ම ලබා ගන්නට උත්සාහයක නිරත වෙනවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඒ වගේම එක්තරා වීඩියෝවක් නිසා ඇය බොහොම කලකිරීමකට පත්වුණා. එම වීඩියෝව කා අතරත් ජනප්‍රිය වූ අවස්ථාවේදී ඇයට සිතී තිබෙනවා මගේ අම්මා මේ ලෝකෙ නැත්තෙ වෙලාවට කියලා.

ඉතිං ඒ හැමදේටම ඉතාමත්ම ශක්ති සම්පන්නව ධෛර්යවන්තව මුහුණ දී මේ වන විට ඉතාමත්ම සාර්ථක ජීවිතයක් ගත කරන ඇයට ඇගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

GalleryGalleryGalleryGallery