ලෝචි විවාහ වුණාද ? මෙන්න විස්තරය
සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ලෝචනා ජයකොඩි කියල කියන්නේ .
එහෙම කිව්වහම ගොඩක් අය නොදන්නවා වෙන්න පුළුවන්. අපි හැමෝම ඇයට ආදරයට කියන නම තමයි ලොචි .
ආ දැන් මතක් උනා නේද ?
ඇය තමන්ගේ හැකියාවන් සහ දක්ෂතා උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න කෙනෙක් .ඒ නිසාම ඇයව අද සමාජයේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් ඒ විදියට අපි කවුරුත් ආදරය කරන ලොචි ගැන තමයි මේ කතා කරන්න යන්නේ.
පසුගිය දවස් වල කසු කුසුවක් ඇති උනා ලොචි විවාහ වෙලාද කියලා ?
හෝ හෝ .....අපේ කොල්ලෝ ටික බය වෙන්න එපා ඉතින් ඔන්න .පල්ලෙහට ගිහින් ඉතුරු ටිකත් කියවන්නකෝ.
ඇය කාටත් හොරෙන් විවාහ වෙලාද...? ඇයි ලෝචිට මේ වගේ කට කතාවක් හැදුනේ, මෙන්න බලන්නකෝ ඒ මොකක් නිසාද කියලා..
අපෙ ලෝචි ඒ ගැන මෙන්න මේ විදියට කියල තිබ්බා.
"ලෝචි විවාහ වෙලා කියලා පෝස්ට් කිහිපයක් ෂෙයා වෙනවා මමත් දැක්කා. ඒත් මම නම් තවම විවාහ වුණේ නැහැ. පහුගිය දවසක මම යාළුවෙක්ගෙ වෙඩින් එකක යහළු මනමාලියකට නම් හිටියා. එතැනදි ගත්ත ෆොටෝ එකක් යූටියුබ් පේජ් එකකින් අරගෙන මම විවාහ වෙලා කියලා දාලා තිබුණා. ඒක බොරුවක්. මමත් ඒ පේජ් එකට ගිහින් මම තවම විවාහ වෙලා නෑ කියලා කමෙන්ට් එකක් දැම්මා. ඇත්තටම තවම මම විවාහ වෙන්න හිතලා නැහැ. එහෙම තීරණයක් ගත්ත දවසට හැමෝටම කියලා තමයි ඒ දවස සමරන්නේ."
ඉතින් ඔන්න ඇත්තම කතාව අපි හැමෝම දැන ගත්තනේ.
ඉතින් ඒ පැතිර යන කතාව බොරු එකක් ඔන්න .
