ලෝකෙම නමක් දිනපු ලංකාවේ කුළුබඩුවලට වෙන්න යන වින්නැහිය

Report

දේශීය කුළුබඩු වෙළෙඳපොළ බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් තත්ත්වයෙන් බාල නිෂ්පාදන ශ්‍රී ලංකාවේ කුළුබඩු සමග මිශ්‍රකර අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීමේ ඉඩකඩ වැඩි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ නව නියාමන ක්‍රමවේදයක් යටතේ සමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය වෙනුවෙන් අවස්ථාව ලබාදීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්.

තවද මෙසේ ආනයනය කරන කුළුබඩුවලට අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති බව රජය ප්‍රකාශ කළ ද මෙම තීරණය නිසා මෙරට කුළුබඩු සඳහා ගෝලීයව පවතින කීර්තිනාමයට හානි විය හැකි බවද එම සංගමය සඳහන් කරයි.

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

ඒ අනුව එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

‘‘රජය විසින් මෑතකදී ලබාදුන් මෙම ආනයන බලපත්‍ර සම්බන්ධව ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. මෙම තීරණය නිසා මෙරටින් ඉන්දියාවට යවන කුළුබඩු බහාලුම් දැඩි ප්‍රමාදයකට ලක්වීමේ අවදානමක් පවතිනවා. ප්‍රතිපත්ති සම්පාදකයන් මේ පිළිබඳව වහා තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් දේශීය කුළුබඩු වගාකරුවන්ට සහ අපනයනකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතිනවා. ප්‍රතිඅපනයන කොන්දේසිය යටතේ කුළුබඩු ආනයනය කිරීමට රජය විසින් සමාගම් කිහිපයකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කුළුබඩු දේශීය වෙළෙඳපොළෙන් ඉවත්වීමේ අවදානමක් පවතිනවා. අඩු මිලකට ආනයනික කුළුබඩු වෙළෙඳපොළ ආක්‍රමණය කළහොත් දේශීය උසස් තත්ත්වයේ කුළුබඩු සඳහා තිබෙන ඉල්ලුම අඩු වෙනවා. ආනයනික ගම්මිරිස් මෙරට නිෂ්පාදිත ගම්මිරිස් ලෙස අපනයනය කිරීම නිසා ඉකුත් 2016 වසරේදී දැවැන්ත වංචාවක් සිදුවුණා. එමගින් දේශීය ගම්මිරිස් නිෂ්පාදකයන්ට දැවැන්ත පහරක් එල්ල වුණා. තවද මෙලෙස ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු ආනයනය කිරීම හේතුවෙන් දේශීය ශාකවලට විවිධ පළිබෝධකයන් සහ රෝගකාරක ඇතුළුවීමේ අවදානමක්ද පවතිනවා’’ යනුවෙන්.

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..