කුවේට් ඇවිලෙයි - කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්
මැදපෙරදිග යුද උණුසුම තවදුරටත් වර්ධනය කරමින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.
වාර්තා වන ආකාරයට ඉරානය විසින් එල්ල කරන ලද බවට සැකකෙරෙන මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා (Suicide Drones) කිහිපයක් මෙලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයට පතිත වී ඇත.
කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව, මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපළේ රේඩාර් පද්ධතියට (Radar System) දැඩි හානි සිදුව ඇත. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් පිළිබඳ වාර්තා වී නොමැති බව බලධාරීන් තහවුරු කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් ගුවන්තොටුපළේ කටයුතු තාවකාලිකව සීමා කිරීමට ඉඩ ඇති බවයි.