සියල්ලන් පුදුම කරමින් අතුරුදන් වූ දැරිය වසර 3කට පසු පඩිපෙලක් යටින් මතුවෙයි - නිවසේ හිමිකාරිය කියූ පුදුම හිතෙන කථාව මෙන්න (VIDEO)

Srilanka covid 19
By Sithumi Feb 18, 2022 02:32 PM GMT
Sithumi

Sithumi

Report

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේදී 2019 වසරේ අතුරුදන් වූ එවකට වයස අවුරුදු 04ක් වූ ගැහැනු දරුවෙකු නිවසක තරප්පු පේළියක් යට තිබූ රහසිගත කාමරයක සිටියදී වසර 3කට පසු නිරුපද්‍රිතව සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පේස්ලි ෂුල්ටිස් නම්වූ මෙම දැරිය සවුගර්ටිස් ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී සොයාගෙන තිබෙන අතර ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඇගේ නීත්‍යානුකූල භාරකරු සහ වැඩිමල් සොයුරිය සමඟ නැවත එක්වූ බවත් පොලිසිය පවසා ඇත.

පේස්ලි දැරිය 2019 වසරේ ජුලි මාසයේදී නිව්යෝක් නගරයේ යෝගා ප‍්‍රදේශයේදී අතුරුදන් වී තිබූ අතර පොලිසිය එවකට සැකකර සිටියේ ඇගේ දෙමවුපියන් වන කිම්බර්ලි කුපර් හා කර්ක් ෂුල්ටිස් විසින් දැරිය පැහැරගෙන යන්නට ඇති බවයි. දැරිය නිවසක රහසිගත කාමරයක් තුල සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් සවුගර්ටිස් ප්‍රදේශයේ පිහිටි දැරියගේ සීයාගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී දැරියව සොයා ගෙන තිබෙන අතර ඇය සමඟ කුපර් නමැති කාන්තාවක්ද එම කාමරයේ සැඟව සිට තිබේ.

නිවසෙහි හිමිකාරිය පවසා තිබෙන්නේ තමන් දැරිය එහි සිටින බව දැන නොසිටි බවයි. දැරියගේ අතුරුදන්වීමට ඇයගේ පියා, සීයා හා කුපර් නමැත්තිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර පියා හා සීයා පසුව නිදහස් කර ඇත. සිද්ධිය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now