ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
ජනවාරි මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් අනුව ගෑස් මිල ඉහළ දැමීමට අවශ්‍යතාවයක් පවතින බව සඳහන් කළද, රට තුළ පවතින ආර්ථික හා සමාජ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර ඇත.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,482ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් ජනවාරි මාසය පුරාවටම නොවෙනස්ව පවතිනු ඇත.
කෙසේ වෙතත්, ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දමා ඇති බවද සඳහන් වේ.