ගෑස් මිලත් ඉහළට?.

Sri Lanka Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By krishani Oct 21, 2023 02:43 PM GMT
krishani

krishani

Report

යළි ගෑස් මිල ඉහළ යනු ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ය.

ඒ අනුව ලබන මස සිට ගෑස් මිල සංශෝධනය කිරීමට සමාගම් තීරණය කර තිබෙනවා.

පසුගිය 5 වනදා අවසන් වරට ගෑස් මිල ඉහළ දමනු ලැබුවේ ය.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දමනු ලැබීය.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 3,470 කට වේ.

කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මේ වනවිට මිල දැක්වෙන්නේ රුපියල් 1,393ක් ලෙසයි.

එමෙන්ම, කිලෝගෑම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 650 ක් වේ.

කෙසේ වෙතත්, ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 3,985ක මුදලකටයි.

ඒ අනුව ලබන මස පස්වනදා යළි ගෑස් මිල ගණන් සංශෝධනය වීමට නියමිත බව වාර්තා වේ.

ReeCha