ප්‍රදේශයකට සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැඩි තීරණයක්..
Dinesh Gunawardena
Sri Lanka
Excise Department of Sri Lanka
By Sithumi
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්, මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී තිබේ.
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
වැඩිදුරටත් වාර්තා වන්නේ එහිදී සංගීත සන්දර්ශන, සැණකෙලි සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දි ඇති බවය.
මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව සඳහන් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
