මත්පැන් අලෙවිය හිතුමතේ බෑ – අභියාචනාධිකරණය දුන් තීන්දුව මෙන්න

quarantine guild lines liqure shop
By Sewvandhi Oct 08, 2021 01:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍ර මත පවත්වාගෙන යන සියලුම මත්පැන් අලෙවි ස්ථාන ආගමික ස්ථානවලට හා පාසල්වලට අවම වශයෙන් මීටර් සීයකට ඔබ්බෙන් පිහිටා තිබීම අනිවාර්ය බව තහවුරු කරමින් අභියාචනාධිකරණය ඊයේ (07) තීන්දුවක් ලබා දී තිබෙනවා.

සුරාබදු පනත අනුව පනවා ඇති එම රෙගුලාසිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන ඕනෑම මත්පැන් අලෙවි ස්ථානයක් වසා දැමීමට හා ලබාදී ඇති බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු කොමසාරිස්වරයාට නීත්‍යානුකුල බලයක් ඇති බවත් එලෙස කටයුතු කිරීම නිවැරදි බවත් එමගින් පෙන්වා දෙනවා.

පාසල් දෙකකට හා ආගමික ස්ථානයකට මැදිව වත්තේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් අලෙවි සැලක් වසා දමා බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව මත්පැන් හලේ හිමිකරු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය බව පෙන්වා දුන්නා.

==========================

You may like this video

ඉන්දීය සුපිරි ක්‍රීඩකයා පෙම්වතියට දුන්න සර්ප්‍රයිස් ප්‍රපෝසල් එක-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now