බියර් බොන අයට විශේෂ පණිවුඩයක්.. අනිවාර්යෙන් මේදේ බලන්න..

Sri Lanka Police Sri Lanka
By Aruna May 16, 2023 12:21 AM GMT
Aruna

Aruna

Report

ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක විකිණීමට තබා තිබූ කල්ඉකුත් වූ බියර් ටින් 22 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නඩු භාණ්ඩ සහ එම සුපිරි වෙළෙඳසැලේ ප්‍රධානියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ලැබුණු තොරතුරුකට අනුව එම වැටලීම සිදු කළ බවයි එම අධිකාරිය අවධාරණය කළේ.

මේ අතර සීනි පැණි මීපැනි ලෙසින් සකසා වව්නියාව නගරයේ විවිධ ස්ථානයන්හි අලෙවිකරමි ජනතාව රැවටූ පුද්ගලයෙකු පැණි බෝතල් 263 ක් සමගින් අත්අඩංගුවට ගත් බවට වව්නියාව මහජන සෞඛය පරික්ෂක කාර්යාලය පවසනවා.

වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ නිවසක් තුල මෙලෙස සීනිපැණි මීපැනි ලෙසින් මහපරිමාණයෙන් අලෙවිකරන බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට ලැබුනු තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් අදාල නිවසට ගොස් සිදුකරන ලද සෝදිසියදී මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් විකිණීම සඳහා සූදානම් කොට තිබූ මිලිලීමට් 750 බෝතල් 263 ක් අසුරා තිබියදී සෞඛ්‍ය නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

මෙම සැකකරු විසින් මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශයන්ගෙන් නියම මීපැණි බෝතල් මිලට ගෙන පසුව එම මීපැණි බෝතල් කිහිපයක් භාජනයකට දමා එයට සීනිද කලවම් කොට බෝතල් ප්‍රමාණය වැඩිකරමින් මීපැණි රුපියල් 500 සිට 1000 දක්වා විවිධ මිල ගණණ්වලට විකිණීම සිදුකරන බවට තොරතුරු අනාවරනය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම වව්නියාවේ මීපැණි මිලදී ගත්තේනම් ආහාරයට ගැනීමට පෙර එය දෙවරක් පරික්ෂා කොට ආහාරයට ගන්නා ලෙසටද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now