වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළුණු ලිදුල බිහිසුණු අනතුර (VIDEO)

sri lanka Lindula accsident
By Sithumi Dec 16, 2021 01:11 PM GMT
Sithumi

Sithumi

Report

මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් සිදුවන අනතුරක් දැක්වෙන දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ. අදාළ අනතුර සිදුවී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල ෆාමස්ටන් ප්‍රදේශයේදීය.

මෝටර් රථය ගැටීමත් සමඟ වෑන් රථය අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් පිහිටි නිවසක් අසල නතරවී තිබේ. මෝටර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකපළකරයි. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ කිසිවෙකු සිට නොමැති අතර මෝටර් රථයේ ගමන්කරමින් සිටි තිදෙනාට තුවාල සිදුව නොමැත. .

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර මෝටර් රථයට ද හානි සිදුව ඇති බවය. අනතුර සිදුවූ අයුරු මෝටර් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.