අශෝක රන්වලගේ ඇත්ත එළියට තිරිංග හරියට වැඩ නැල්ලු

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පැවසුවේ රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවයි.

අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බවයි.

ඒ අනුව වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවු අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය. අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

විශ්‍රාම වැටුප් ගැන නිවේදනයක් - රජයේ සේවකයින්ට විශේෂ අත්තිකාරමක්

විශ්‍රාම වැටුප් ගැන නිවේදනයක් - රජයේ සේවකයින්ට විශේෂ අත්තිකාරමක්

අනතුරුව මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපතිගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවය. මේ වන විට අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රුධිර සාම්පල, පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.