ජූනි මස 4 වෙනි දා සිට.. - පාසල් සිසුන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

Ministry of Education G.C.E. (O/L) Examination Sri Lankan Schools Latest Headlines Decision Making
By krishani May 15, 2024 04:05 PM GMT
krishani

krishani

Report

අදින් (15) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් විය.

ජූනි මස 4 වෙනි දා සිට.. - පාසල් සිසුන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Advanced Level Classes For O L Final Students

එලෙස විභාගයට මුහුණ දුන් සිසුන්ට අදාළ උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සඳහන් කළේ මෙලෙස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීම නිසා මතුවන ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ය.

මේ අතර, විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා නිදහස් ලකුණු 02ක් ලබා දීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය.

සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න.

සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න.


පසුගිය 06 වැනිදා 2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය.

එලෙස ආරම්භ වූ එම විභාගය අදින් අවසන් වුණ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%