කර කර ගහල වාටිය හැපෙන අප්පා හදමු.

Recipes
By Thaya Jan 31, 2021 06:00 PM GMT
Thaya

Thaya

Report

අපි කවුරුත් අප්පා කන්න ආසයි නේ. එහෙත් අප්පා හරියට හදා ගන්න අපට ටිකක් අමාරුයි. ගොඩක් කල් ආප්ප හැදුවට වාටිය අපට ඕනේ විදිහට කර කර ගාන ක්රිස්පී ගතියට ආවේ නෑ කියලා අපි කනගාටු වෙනවා. ඔන්න ඉතින් අද හරියටම ආප්ප හදන හැටි අපි ඔයාලට කියා දෙනවා.

සුදු හාල් 500 පොඩි පොල් ගෙඩියක බෑයක පොල් පොල් වතුර පොල් කිරි යීස්ට් තෙහැදී කාලක් දුබුරු සීනී මේස හැන්දක්.. මම හවස හාල් පෙගෙන්න දැම්මා. උදේ හාල් දිය බේරලා පොල් වතුර දාලා බ්ලෙන්ඩර් කරා ඒකටම පොල් බෑගයක පොලුත් දාලා බ්ලෙන්ඩර් කරා. ඒකට යීස්ට් තෙහැදී කාලයි සීනි මේස හැන්දකුයි දාලා හොඳට කලවම් කරලා වහලා තිබ්බා හවස් වෙනකම්.. උයන වෙලාවට විනාඩි විස්සකට කලින් විතර පොල්කිරි දාලා ආප්ප මිශ්‍රණය පදමට හදාගත්තා.. මේ විදිහට පිටි කොට කොට හල හල මහන්සි වෙන්න ඕනේ නෑ. හරිම ලේසියෙන් ආප්ප හදන්න පුළුවන්.. මම නොන්ස්ටික් තාච්චියක් පාවිච්චි කලේ..