අද රාත්‍රියේ ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවස්ථාවක් - උල්කාපාත වැස්සක්
වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (17) දින රාත්‍රියේ ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥයින් පවසන බව වාර්තා වේ.
ඒ අනුව අද (17) රාත්‍රියේ ශ්‍රී ලාංකිකයින්ට දිස්වන මෙම ප්‍රධානතම උල්කාපාත වර්ෂාව ලියෝනිඩ්ස් ලෙස නම්කර ඇත.
එසේම තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසා ඇත්තේ නැගෙනහිර අහස දෙසින් මෙම උල්කාපාත වර්ෂාව නැරඹිය හැකි බවයි.
ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්
එමෙන්ම එම අහස් ලාපය ආශ්‍රිතව අඟහරු සහ බ්‍රහස්පතී යන ග්‍රහලෝක ද නිරීක්ෂණය කළ හැකි බව ඔහු සඳහන් කරයි.
එහිදී විශේෂයෙන් අලුයම් කාලය උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට සුදුසුම වේලාව බව ඔහු තවදුරටත් පවසන බව වාර්තා වේ.