අදත් පාර්ලිමේන්තුව ඇරඹේ- 2027 අයවැය විවාදයේ සජීවී විකාශය මෙතැනින් නරඹන්න [LIVE]

Report

අද (17) දිනයට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ බව වාර්තා වේ.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය පසුගිය 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ අතර, එම විවාදය නොවැම්බර් 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිතය. දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

එම විවාදය අවසන් වීමෙන් පසු 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම වන තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

2027 අයවැය විවාදයේ සජීවී විකාශය පහතින් නරඹන්න.