කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ සංජීව වීරවික්රම කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සතු වූ බව කියන බුද්ධිමය හැකියාව වත්මන් ආණ්ඩුවේ පුද්ගලයන්ට නොමැති බව නීතිඥ සංජීව වීරවික්රම මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හිටපු නායකයන්ගේ පෞද්ගලික ජීවිතය සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව අදහස් දක්වමින් පැවති ජන හමුවකදීයි.
එහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිබඳවද අදහස් දැක්වූ නීතිඥවරයා සඳහන් කළේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මෙන් ඇය කිසිදු අවස්ථාවක දේශපාලන වේදිකාවට පැමිණ කතා පවත්වා නොමැති බවයි.
ඒ වෙනුවට ඇය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ආහාර පිළියෙල කරමින්, ඔහු කැමති ආකාරයට බත් සහ අනෙකුත් ආහාර සකස් කර දීම සිදු කළ බව ඔහු හාස්‍යජනක අයුරින් ප්‍රකාශ කළා.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට තම පියාට දක්වන ආදරයටත් වඩා වැඩි ආදරයක් තමන් තුළ පවතින බව පැවසූ සංජීව වීරවික්රම මහතා, හිටපු ජනාධිපතිවරයා සුවිශේෂී චරිතයක් බවද සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආහාර ගත් අවස්ථාවක් සිහිපත් කළ ඔහු, හිටපු ජනාධිපතිවරයා සාම්ප්‍රදායික සිංහල ආහාර රටාවකට කැමැත්තක් දක්වන අයෙකු බවද කියා සිටියා.
විශේෂයෙන්ම රතු බත්, පරිප්පු හොද්ද, අල කිරි හොද්ද, පොල් සම්බෝලය සහ වෙනත් ව්‍යංජන සහිත විශාල බත් පිඟානක් ඔහුගේ ආහාර වේලට ඇතුළත් වන බවද නීතිඥවරයා සඳහන් කළා.
තවද යෝෂිත රාජපක්ෂ මහතා විසින් තමන් මහින්ද රාජපක්ෂ මහතා හමුවට කැඳවාගෙන ගිය අවස්ථාවක නඩුවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ආකාරයද ඔහු මෙහිදී සිහිපත් කළා.
එහිදී තමන් කරුණු පැහැදිලි කළ සැණින් ඒවා අවබෝධ කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබූ බවයි ඔහු කියා සිටියේ.
ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්
විශේෂයෙන්ම යුද සමයේදී ප්‍රංශය, එංගලන්තය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන් ඇතුළු පාර්ශ්වයන්ගෙන් යුද්ධය නතර කරන ලෙස බලපෑම් එල්ල වූ අවස්ථාවලදී ඒවාට යටත් නොවී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් පරාජය කිරීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ බුද්ධිමත්භාවය නිසා බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, අනාගතයේදී පොළොන්නරුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් අමාත්‍යවරුන්, අග්‍රාමාත්‍යවරුන් සහ ජනාධිපතිවරුන් බිහි කර ගැනීමට නම් දරුවන්ගේ බුද්ධිමය හැකියාවන් වර්ධනය වන ආකාරයට ඔවුන්ගේ අධ්‍යාපනය සහ හැකියාවන් දියුණු කළ යුතු බවද ඔහු එහිදී දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම තමන් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද මහින්ද රාජපක්ෂ මහතාට සමාන තියුණු බුද්ධිමය හැකියාවක් තිබූ බව සංජීව වීරවික්රම මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සතු වූ බව කියන බුද්ධිමය හැකියාවෙන් අල්පමාත්රයක් හෝ වත්මන් ආණ්ඩුවේ පුද්ගලයන් සතුව තිබේද යන්නයි.
වත්මන් ආණ්ඩුවේ පුද්ගලයන්ට එම හිටපු නායකයන්ට තිබූ බුද්ධිමය හැකියාවෙන් බිඳක්වත් නොමැති බවටද ඔහු එහිදී චෝදනා කළා.