කහවත්ත මූලික රෝහලේ හදිසි ගින්නක්- ගිනි නිවීමේ ඒකකයත් කැඳවයි – සිදුවූ දේ මෙන්න

Report

කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ, වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද (17) අලුයම 3.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න පැතිර යාමත් සමඟ එය මැඩපැවැත්වීම සඳහා රත්නපුර නාගරික ගිනි නිවීමේ ඒකකය ද කැඳවා තිබේ.

පැයකට ආසන්න කාලයක් පැතිර ගිය ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

ගින්න හටගත් ගොඩනැගිල්ල මීට පෙර රෝහලේ නේවාසික රෝගීන් සඳහා වාට්ටුවක් ලෙස භාවිත කර තිබේ.

පසුව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් සමඟ එම වාට්ටුව නව ගොඩනැගිල්ල වෙත මාරු කර ඇති අතර, පැරණි ගොඩනැගිල්ල අබලි ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යොදාගෙන තිබූ බව වාර්තා වේ. මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ද සඳහන් වේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිතය.

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්