සන්නිවේදන උපකරණ රැසක් පුපුරා යයි..20ක් මරුට..450කට වැඩි පිරිසක් තුවාල ලබයි.
රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා හැර තිබෙන බවයි පැවසෙන්නේ.
බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල, බෙකා නිම්නය සහ දකුණු ලෙබනනනයේ මෙම පහරදීම් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.