ලීසිං ගෙව්වේ නැත්නම් මේකද වෙන්නේ එතකොට? බොරු පොලීසියක් මෙන්න

Report

ලීසිං වාරික නොගෙවූ වාහන ආපසු ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු නීතිමය ක්‍රමවේදයන්ට පිටවමින්, පොලිස් නිලධාරීන් ලෙස වංචනික ලෙස පෙනී සිටි පුද්ගලයින් විසින් තම වෑන් රථයක් නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇති බව සදහන් කරමින් එස් එස් කැබ්ස් ඇන්ඩ් ටුවරිස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

රු. ලක්ෂ 110ක් වටිනා මෙම වෑන් රථය වසර දෙකක කාලයක් අනුරාධපුර මහෙස්තරාත් අධිකරණ භූමියේ දිරාපත් වන තත්ත්වයක පවතින බවත්, ඒ හේතුවෙන් සමාගමට දැඩි හානි සිදුව ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිල්ලේ පවසන්නේ, එක්තරා බැංකුවක් මඟින් යොදාගත් සීසර්වරුන් වෑන් රථය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර, මිහින්තලේ සහ කවරක්කුලම පොලිසිය පක්ෂග්‍රාහීව විමර්ශන සිදු කරමින් එය නීත්‍යානුකූල ක්‍රියාවලියක් බවට තීරණය කළ බවය.

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

නමුත් අනුරාධපුර අපරාධ විමර්ශන අංශය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, එම සීසර්වරුන් පොලිස් නිලධාරීන් ලෙස වංචනිකව පෙනී සිටිමින් වෑන් රථය ලබාගත් බවය.

"මම බලාපොරොත්තු නැතිව හිටියේ "- තිසර පෙරේරා දරුවාව අතට අරන් කියපු දේ

"මම බලාපොරොත්තු නැතිව හිටියේ "- තිසර පෙරේරා දරුවාව අතට අරන් කියපු දේ

අනුරාධපුර පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිකුත් කළ වාර්තාවක අනුව, රියදුරු විසින් කැමැත්තෙන්ම යතුරු ලබාදුන් බව සඳහන් වුවද, විවිධ විමර්ශන කණ්ඩායම් පරස්පර වාර්තා ඉදිරිපත් කර ඇති බවත්, එය ජාතික පොලිස් කොමිසම අවධානයට ගෙන ඇති බවත් සදහන් වේ. මෙම සම්බන්ධයෙන් දෙවසරකට පෙරද ඔහු විසින් එම කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණද, කිසිදු සාධකවත් පියවරක් නොගත් බැවින් දැන් වහාම විමර්ශනයක් සිදු කර යුක්තිය ඉටු කරන ලෙස ඔහු නැවත ඉල්ලා තිබේ.