යාපනයේ නීතිඥවරුන් සේවා ක‍ටයුතු වලින් ඉවත් වෙයි.

CID - Sri Lanka Police Jaffna Mullaitivu Sri Lanka Law and Order
By Hashini Oct 03, 2023 04:51 AM GMT
Hashini

Hashini

Report

මුලතිව් මහේස්ත්‍රාත් ටි. සරවණරාජාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය මුල්කරගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් ද අද (03) සහ හෙට (04) සිය සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (02) මුලතිව් හි නීතිඥවරුන්ද සේවා ක‍ටයුතු වලින් ඉවත් වීමට කටයුතු කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් මුලතිව් මහේස්ත්‍රාත් ටි. සරවණරාජා විදෙස් ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට පත් කර තිබෙනවා.

එම කණ්ඩායම් දෙක අද මුලතිව් ප්‍රදේශයට ගොස් තිබෙනවා.  

ReeCha