කළු කොඩි නිසා උසාවි හෙල්ලෙයි - නීතිඥයින් පෙනී නොසිටින සියලුම නඩුවලට කරන්නේ මේකයි
අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිදට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නිතිඥ සංගමය ගත් තීරණයක් අනුව අධිකරණයේ පෙනී සිටින නිතිඥයින් අධිකරණයේ අද දින නඩු කටයුතුවලින් ඉවත්ව සිටින බව දැනුම්දී ඇත.
ඒ අනුව මෙම තත්ත්වය මත අද දින පුරා අධිකරණවල නීතිඥයින් පෙනී නොසිටින සියලුම නඩු වෙනත් දිනයක කැදීවීමට පියවර ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ඇතැම් අධිකරණ පරිශ‍්‍රයන්හි කළු කොඩි එල්ලීමටද කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවද එළඹෙන 19 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත්තේ නීතිඥවරු අද දින රාජකාරීවලින් ඉවත් වීමට තීන්දු කිරීම නිසා බව පවසයි.