ආන්දෝලනාත්මක නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි, ප්‍රබල නීතීඥවරයෙකු දිවි ගමනට සමු දෙයි..(PHOTOS)
By krishani
ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අද (25) පෙරවරුවේ දී ය.
රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී මෙලෙස අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ මහතා, හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වේ.

ආන්දෝලනාත්මක නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකු ලෙස ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා සැලකෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු 2021 වසරේ දී කොළඹ වරාය නගර කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද පත් කළේ ය.
කෙසේ වෙතත්, අභාවප්‍රාප්ත ගාමිණී මාරපන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති බව සඳහන් වේ.