සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ජන මතය විමසන්නවුන්ට නීතිය දැඩි වේ...

Report

ජනපතිවරණයේදී ඡන්දය භාවිත කරන අපේක්ෂකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මත විමසන පුද්ගලයන් සහ ඒවාට මත ප්‍රකාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසී ය.

එමෙන් ම, ඔහු පවසා සිටියේ, සිය මතය අනෙක් අය දැන ගැනීමට අවශ්‍යය නොවන බවත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු දෙයක් නොවන බවත් ය.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

තව ද,මෙවැනි කටයුතු වලින් ජනතාවගේ පෞද්ගලිකත්වයට හෝ ආනන්‍යතාවයට යම් බලපෑමක් සහ හානියක් සිදු විය හැකි බවද ඔහු කීවේය.

කෙසේ වෙතත්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කර සිටියේ, මේ සම්බන්ධයෙන් කිසිවකු හෝ පැමිණිලි කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් දැනටමත් එවැනි දේ කළ කිහිප දෙනෙකුට අවවාද කර ඇති බවත්ය.