ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළිත් ඉහලට - අලෙවි නියෝජිතයින්ගෙන් ප්‍රකාශයක්

LAUGFS Gas PLC
By Sewvandhi Jun 05, 2022 08:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල (12.5kg) රුපියල් 6850 ක් දක්වා ඉහළ දමන බව අලෙවි නියෝජිතයින් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් සමාගමෙන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි සඳහන් කරන්නේ.

ලාෆ්ස් ගෑස් බෙදහැරීමේ කටයුතු අද (05) සිට ආරම්භ කිරීමට නියමිතය.

එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවෙන් ඊයේ (04) රාත්‍රී සිට ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකළ බවය.

ඒ අනුව, අද සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට මූලිකත්වය ලබාදෙමින් අනෙකුත් සෙසු ප්‍රදේශ සඳහා ලාෆ්ස් ගෑස් බෙදහැරීම ක්‍රමානුකූලව සිදුකරන බව ඔහු පැවසුවේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now