මාර්තුවේ ගෑස් මිලට කුමක් වෙයි ද?. ලාෆ් ගෑස් සමාගම එකවරම ගත් විශේෂ තීරණය මෙන්න..
ලාෆ් ගෑස් සමාගම (LAUGFS) විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ මාර්තු මාසයේ දී ගෑස් මිල වැඩි නොකිරීමටයි.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 4,740ක් ලෙස පවති.
එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,900 ක් ලෙසයි.
කෙසේ වෙතත්, ලිට්‍රෝ සමාගම ද මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් සිදු කර නොමැත.