LAUGFS ගෑස් මිල වැඩි වන්නේ නැහැ.

Sri Lanka Litro Gas Price Laugfs Gas Price
By Hashini Nov 06, 2023 03:02 AM GMT
Hashini

Hashini

Report

 LAUGFS ගෑස් සමාගම නොවැම්බර් මාසයේදී වැඩි නොකරන බව එම සමාගම පවසනවා.

ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කරනවා.

ඒ අනුව මෙම මස තුළ ගෑස් මිල වැඩි වීමක් සිදුනොවන අතර පෙර පැවති මිලටම ලාෆ්ස් ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි එම සමාගම පවසන්නේ.

මේ අතර පසුගිය නොවැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරනු ලැබුවා.

කිලෝග්‍රෑම් 12.5 රුපියල් 95කින් ඉහළ දැමු අතර නව මිල සටහන් වුයේ රුපියල් 3,565ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ නව මිල සටහන් වුයේ රුපියල් 1,431 ක් ලෙස වූ අතර එය රුපියල් 38කින් ඉහළ දැමුණා.

කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 18කින් ඉහළ දැමු අතර නව මිල රුපියල් 668ක් ලෙස සටහන් වුණා.

ReeCha