ඔපරේෂන් සින්දූර් මෙහෙයුමේ අලුත්ම තත්ත්වය

Report

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව දියත්කළ 'ඔපරේෂන් සින්දූර්' ප්‍රහාරක මෙහෙයුමට පාකිස්තානයද ප්‍රතිචාර දක්වා තිබේ.

සෞඛ්‍ය සේවයේත් අර්බුදයක්, ඉල්ලීම්වලට කන් නොදුන්නොත් අපි ක්‍රියාත්මක වෙනවා.....

සෞඛ්‍ය සේවයේත් අර්බුදයක්, ඉල්ලීම්වලට කන් නොදුන්නොත් අපි ක්‍රියාත්මක වෙනවා.....

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ සමස්ත බටහිර දේශසීමාව ඔස්සේ ඩ්‍රෝන් යානා සහ අනෙකුත් ප්‍රහාරක අවි යොදාගනිමින් පාකිස්තාන හමුදා ඊයේ (8) රාත්‍රියේ සහ අද (9) අලුයම් කාලයේ ප්‍රහාර එල්ල කර ඇති බවයි. ඉන්දියාව පසුගියදා පාකිස්තානයට එරෙහිව දියත් කළ ඔපරේෂන් සින්දූර් මෙහෙයුමේදී සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් 57 දෙනෙකු තුවාල ලැබීය.

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්

කෙසේ වෙතත් එම ප්‍රහාරවලදී ඉන්දීය ප්‍රහාරක යානා 5ක් බිම හෙළීමට සිය හමුදාව සමත්වූ බව පාකිස්තානය රජය ප්‍රකාශ කළේය. පාකිස්තාන හමුදාව පැවසුවේ, ඉන්දියාවේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 25ක් ද බිම හෙලූ බවයි. මේ අතර දේශසීමාව ඔස්සේ පාකිස්තානය එල්ලකළ ෂෙල්වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දියාව පවසයි.