සෞඛ්‍ය අංශයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් සුභ ආරංචියක්

Report

 ලබන වසර වන විට මෙරට මධ්‍යම රජයේ රෝහල්වල CT scan, MRI වැනි උපකරණවල අවශ්‍යතා සියල්ල සපුරාලන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඉදිරි දශකය තුළ මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්ත පිබිදිමක් ඇති කරන බවයි අමාත්‍යවරයා කියා සිටියි. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා ඇත.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ අනුශාසක පූජ්‍ය කුප්පියාවත්තේ බෝදානන්ද ස්වාමින්වහන්සේ මෙම අවස්ථාවට එක්වුණා. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් සම්මේලනයට එක්ව සිටියා.