අල්ලස් කොමිසමේ අයවැය කාරක සභාව අනුමත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගිය 29 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.
එම කාරක සභා රැස්වීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ඇතුළු නිලධාරීන් සහභාගී වී තිබෙනවා.
මීට අමතරව, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද කාරක සභා රැස්වීමට එක්ව තිබෙනවා.
මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේහි වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම මෙන්ම එහි මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම කොමිෂන් සභාවේ අරමුදල් ව්‍යුහය සහ පරිපාලනමය ගැටලු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කර ඇති බව සඳහන්.