ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් එළියට - ශ්‍රී ලංකාවේ විරැකියා ගැන තිත්ත ඇත්තක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම 'සතිපතා ආර්ථික දර්ශක' වාර්තාවට අනුව, 2025 වසරේ අදාළ කාර්තුවේ පැවති 3.8%ක අගයට සාපේක්ෂව 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතිකය 4.0% දක්වා ඉහළ ගොස් ඇත.
එම කාලසීමාව තුළ ශ්‍රම බලකායට සහභාගී වීමේ අනුපාතිකය ද ඉහළ ගොස් ඇති අතර, එය 2025 දෙවන කාර්තුවේ පැවති 49.3%ක අගයේ සිට 2026 දෙවන කාර්තුව වන විට 50.0% දක්වා වර්ධනය වී තිබේ.