සුනාමි අනතුරු ඇඟවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Tsunami Japan Indonesia Philippines Earthquake
By Aruna Dec 03, 2023 02:47 AM GMT
Aruna

Aruna

Report

ඊයේ රාත්‍රියේ පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ භූ කම්පනවලින් පිලිපීනයට සහ ජපානයට පැනවූ සුනාමි අවදානම ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊයේ රාත්‍රියේ මින්දනාවෝ දූපත ආසන්නව රික්ටර් මාපකයේ 7.5 ක සහ 6.1 ක භූ කම්පන දෙකක් වාර්තාවූයේ කෝටි ගණනින් ජනතාව බියට පත් කරමින්.

සුනාමි අනතුරු ඇඟවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.. | Latest News About Tsunami Warning

ඒ හේතුවෙන් සුනාමි අවදානමක් පැනවීමටයි එරට බලධාරීන් කටයුතු කළේ.

දෙවන භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 06යි දශම 04ක්.

එහි වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ පිලිපීනයේ දෙවන විශාලතම දූපත වන මින්දනා ඕ දූපතටයි.

භූ කම්පන තත්ත්වය දැනීමත් සමඟ පිලිපීන ජනතාව ගොඩනැගිලිවලින් ඉවත්ව මාර්ගවලට එක්රැස්ව සිටිනු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

බලධාරීන් සැක පළ කළේ, භූ කම්පන ද්විත්වයේ ප්‍රභලත්වය හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශ කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණු අතර සුනාමි තත්වයක්ද ඇති විය හැකි බවටයි.

සුනාමි අනතුරු ඇඟවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.. | Latest News About Tsunami Warning

ඒ අනුව, පිලිපීනයේ වෙරළාසන්න ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා. මේ අතර, පිලිපීනයට බලපෑ භූ කම්පන ද්විත්වය හමුවේ ජපානයට සහ මැලේසියාවේ වෙරළාසන්න ප්‍රදේශ කිහිපයකට ද සුනාමි අනතුරු ඇගවිම් නිකුත් කරණු ලැබීය.

ජපාන කාලගුණ බලධාරීන් පැවසුවේ, ජපානයට මීටර් 03ක පමණ උසකින් යුත් සුනාමි තත්ත්වයක් බලපානු ඇතැයි අපේක්ෂා කෙරුණද මුහුදු රළ අඩි 01යි දශම 03ක් පමණ උසකින් නැගුණු බවයි.

කෙසේ වෙතත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය දැනුම්දී ඇත්තේ, මේ වනවිට සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි.

ReeCha