විදුලි බිල ගැන අලුත්ම ආරංචිය.

Sri Lanka Sri Lanka Cabinet Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera
By Hashini Oct 31, 2023 05:15 AM GMT
Hashini

Hashini

Report

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ යෝජිත විදුලි බිල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණයට සහ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බවයි.

ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී අදාළ කෙටුම්පත ඉදිරිපත් කළ බවයි එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.

විදුලි බල මණ්ඩලයේ සේවාවන් අංශ කිහිපයකට වෙන් කිරීම, කාර්යක්ෂමතාවය, විනිවිදභාවය සහ පෞද්ගලික අංශයට ඊට ඇතුළු වීමට අවස්තාව මෙම කෙටුම්පත මඟින් හිමි වනවා.

විෂයභාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහය ඇතිව වසරකට ආසන්න කාලයක් අධ්‍යනය කොට මෙම කෙටුම්පත සකස් කල බවයි.

එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙට (01) දිනයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසන්නේ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. 

ReeCha