බාර් ලයිසන් කැන්සල් කරන අලුත්ම නීතිය.

Mahindananda Aluthgamage Sri Lanka Excise Department of Sri Lanka
By Wayomi Jun 24, 2023 10:29 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරියේදී ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

එමෙන්ම බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද එම සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

මේ අතර මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදුමුදල් අයකර ගැනීම කඩිනම් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ, වසර කිහිපයක සිටම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වී නැති බවයි.

මේ නිසා මත්පැන් මිල වැඩි වීම හේතුවෙන් පමණක් ආදායම අවම වී ඇති බව නිරීක්ෂණය නොවන අතර මෙරට පවතින මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැරදිව බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙසයි ඔහු උපදෙස් දී ඇත්තේ.