මොහොතකට ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් නතර කළ, සුපිරි අයිස් කූල් නිමාව ගැන ලසිත් මාලිංගගෙන් අගනා සටහනක් - දසුන් ශානකත් ඉතිහාසගත වෙයි?..

Lasith Malinga Cricket Sri Lanka Cricket Sri Lanka Pakistan national cricket team
By krishani Sep 15, 2023 09:51 AM GMT
krishani

krishani

Report

2023, ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට සමත් විය.

ඒ පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 02 කින් ජය ගැනීමත් සමඟයි.

එනම් ඊයේ (14) පැවති ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් තරගය ක්‍රීඩා ලෝලින්ට මහත් උද්‍යෝගයක් ගෙනා තරගයක් විය.

එහිදී අවසන් පන්දුව දක්වා ඇදී ගිය තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ, චරිත් අසලංක විසින් ය.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග විසින් එක්ස් ජාලයේ පණිවිඩයක් සටහන් කර තිබිණ.

එහිදී ඔහු චරිත් අසලංකගේ ජයග්‍රාහී නිමාව 'අයිස් කූල්' නිමාවක් ලෙස හඳුන්වා ඇත.

එමෙන්ම කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාසයත් සදීර සමරවික්‍රමගේ මැද පෙළ සාර්ථක වීමත් ලසිත් මාලිංග විසින් අගය කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන ලසිත් මාලිංග, ලබන ඉරිදා (17) දින ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසාන මහා තරගයට සූදානම් වෙමු යනුවෙන් ද සඳහන් කර තිබෙනවා.

සිය 12 වැනි ආසියානු කුසලාන අවසාන මහා තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ආසියානු කුසලානය 06 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව විසින් ආසියානු කුසලාන 07ක ශූරතාව හිමි කරගෙන ඇති අතර පාකිස්තානයට ආසියානු කුසලානයක පහස හිමි වී තිබෙන්නේ අවස්ථාවන් දෙකක දී පමණයි.

එමෙන්ම බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හෝ වෙනත් කිසිදු රටක් මේ වන තෙක්ම ආසියානු කුසලානයක් දිනාගෙන නොමැත.

කෙසේ වෙතත්, මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජය ගතහොත් දසුන් ශානක, ආසියානු කුසලාන දෙකක ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ එකම නායකයා ලෙස ඉතිහාසගත වනු ඇත.


ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීරණයක්..!

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීරණයක්..!


රස පරීක්ෂක හමුවට ගිය සචිත්‍රට ලැබුණු අලුත්ම තීන්දුව.

රස පරීක්ෂක හමුවට ගිය සචිත්‍රට ලැබුණු අලුත්ම තීන්දුව.


විරාට් කෝලි එනකම් අවුරුදු 14ක් මඟ බලන් හිටිය ලංකාවේ යුවතිය..කෝලි හමුවූ මොහොතේ සිදු වූ දේ..(PHOTOS/VIDEO)

විරාට් කෝලි එනකම් අවුරුදු 14ක් මඟ බලන් හිටිය ලංකාවේ යුවතිය..කෝලි හමුවූ මොහොතේ සිදු වූ දේ..(PHOTOS/VIDEO)


ReeCha