විරාට් කෝලි එනකම් අවුරුදු 14ක් මඟ බලන් හිටිය ලංකාවේ යුවතිය..කෝලි හමුවූ මොහොතේ සිදු වූ දේ..(PHOTOS/VIDEO)

Virat Kohli Cricket Sri Lanka Cricket Gossip Today Indian Cricket Team
By Aruna Sep 15, 2023 06:44 AM GMT
Aruna

Aruna

Report

මේ ලෝකෙ හැම කෙනෙක්ටම විවිධ හීන තිබෙනව වගේම හීන මැවීම සාමාන්‍ය දෙයක්.

හැබැයි එසේ හීන මවන අයගේ සමහර හීන සැබෑවෙනව වගේම සමහර හීන බොදවෙලාම යනව.

ඒ වගේ අමුතුම හීනයක් දැකපු ලංකාවේ තරුණියකගේ හීනයක් සැබෑ වුණ අපූරු පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතිනවා.

එම තරුණියගේ මුහුණු පොතෙන් උපුටා ගැනීම පහතින්,

"2009 අවුරුද්දේ ඉඳන් මගේ ලෝකේ තිබ්බේ හීන දෙකක් හෝ තුනක් විතරමයි.

එක හීනයක් ඇරෙන්න අනික් සියල්ල මං සැබෑ කරගත්තා.

විරාට් කෝලි කියන සිහිනය මං අවුරුදු 14ක්ම එකම විදියට දැක්කා.

ඒ හීනය අද හැබෑ උනා. පොඩිම කාලේ ඉන්දියාවට ගිහින් විරාට්ව හමුවෙනවා මං කියල හිතපු වාර අනන්තයි.

එකම එක වතාවක් එකම එක වචනයක් කතා කරන්න ලැබුනොත් ඇති කියල හිටපු මට අද ලැබුනේ දැකපු හීනෙටත් වඩා වැඩි අවස්ථාවක්.

විරාට් කෝලි කියන්නේ බොහෝ දෙනාට ක්‍රිකට් ක්‍රීඩයෙක් උනාට මට විරාට් කියන්නේ මගේ රෝල් මොඩ්ල් එක. මං ඒ චරිතය තුලින් දැක්කේ වෙනස්ම මිනිසෙක්.

ඒ වෙනස්ම චරිතය දකින්න කතා කරන්න මං මවපු හීනය සැබෑ උනා.

ඔහු වෙනුවෙන් දුන් පුංචිම පුංචි තිලියත් අතේම අරන් ඈතට යන හැටි බලන් හිටියේ අඬ අඬාමයි.

මං නවතින්නේ නෑ තව හීන දකිනවා, ඒවා සැබෑ කරගන්නවා.

මං යන තැනට යනවා ඒක මං අද අත්වින්දා මේ හීනය දකින්න මම අවුරුදු 14ක් බලන් ඉන්නකොට ඒ 14ම මගේ අම්මා Muditha Kaluarachchi තාත්තා ඒ පිටිපස්සේ හිටියා.

එයාල මාව දිරිගැන්වූවා හීන දකින්නයි ඒවා සැබෑ කරගන්නයි. ඒ වගේම මගේ හස්බන්ඩ් Malinda Samarasingha මැරි කරන්නත් කලින්ම දැනන් හිටියා මං විරාට් පිස්සියෙක් කියලා.

එයා ඒක හරිම ආදරෙන් ඉවසල ඒ වෙනුවෙන් මගේ එක්කම හිටියා. මං කියන හැම දේම මට කරල දුන්නා.

ඒ වගේම මේ හීනේ හැබෑ කරන්න මට ලොකුම උපකාරය කලේ ගයාන් අයියා.

Gayan Senanayake ගයාන් අයියා අවුරුදු 8ක ඉඳන් මගේ යාළුවෙක්.

මගේ හීනේ එයා හොඳටම දැනන් හිටියා.

මට පොරොන්දු වුනා කවදා හෝ ලංකාවට ආපු දවසක මාව මුනගස්සවනමයි කියලා.

ගයාන් අයියා අද ඒක කලා මීට අදාල වීඩියෝව සහ ඡායා රූපයන් පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha