ලංකා සතොස මගින් ජනතාවට විශේෂ දැනුම්දීමක්.. 17 ට කලින් මේ දේ කරන්න..
එළෙඹෙන වෙසක් පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ලංකා සතොස ආයතනය විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (10) සඳහන් කළා.
ඒ, අනුව දන්සැල් සංවිධායකයින්ට දැනුම් දෙන්නේ, ඔබ ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළඟම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.
