මැගසින් බන්ධනාගාරයේ මියගිය රැඳවියා මෙන්න - ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක් = මියගියේ නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා ලබා රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
යම් පාර්ශ්වයක් පිටත සිට බන්ධනාගාර පරිශ්‍රයට විසිකළ හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමේ සිද්ධියක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන ගත් අතර ඉන් රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර පසුව රැඳවියන් 45ක පමණ පිරිසක් සිරමැදිරියක් කඩා පිටතට පැමිණ ඇත.
ඉන් බහුතරය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ''කොස්මල්ලි'' නැමැත්තාගේ සහායකයින් බවත් පොලිසිය පවසයි. නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස බන්ධනාගාර ගේට්ටුවෙන් පිටතට යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් තත්ත්වය පාලනයට දැඩි උත්සාහයක් දරා තිබුණු අතර රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ ගැටුම අතරතුර එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
හෝමාගම කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නම් 35 හැවිරිදි අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙකි. වැඩිදුරටත් වාර්තා වෙන්නේ ''හෝමාගම හඳයා'' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතින බවයි.
එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කෙරුණේද මෙම පුද්ගලයා වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් දසදෙනෙක් ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එමෙන්ම මෙම ගැටුම මෙහෙයවූ බව පැවසෙන රැඳවියන් නව දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවය.