ඉදිරි පැය 24 භයානකයි - දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

අද (12) පෙරවරු 4.00 සිට හෙට (13) පෙරවරු 4.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙන පළමු මට්ටමේ (කහ පැහැති) අනතුරු ඇඟවීම කලුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇත.

අද ලංකාවේ කාලගුණය උඩුයටිකුරු වෙයි - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවූ දරුණු වැසි

අද ලංකාවේ කාලගුණය උඩුයටිකුරු වෙයි - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවූ දරුණු වැසි

අනතුරු ඇඟවීම බලපැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන හා නිවිතිගල යන ප්‍රදේශයන්ය.

අධික වර්ෂාව හේතුවෙන් නායයෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී.

අද දවසේ මහා ග්‍රහ මාරුව - මේ ලග්න 5 කට්ටියට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීමක්

අද දවසේ මහා ග්‍රහ මාරුව - මේ ලග්න 5 කට්ටියට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීමක්