ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් - ඔයත් මේ ප්‍රදේශයේ නම් මේ ගැනත් අවදානයෙන් කටයුතු කරන්න. (PHOTO)

Sri Lanka Landslide In Sri Lanka Weather
By krishani Oct 12, 2023 11:23 PM GMT
krishani

krishani

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ මාතලේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා යි.

ඒ අනුව, මේ වන විට මෙම දිස්ත්‍රික්ක 3ත් සමග දිවයින පුරා දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඊයේ (12) ප්‍රථමවරට මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙළ, රත්තොට සහ මාතලේ ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහා ද ඊයේ ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රදේශය සඳහාද ඊයේ ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්,

Gallery
ReeCha