දරුණු අනතුරක් - පස් කන්දක් කඩා වැටෙයි ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිටියි

Report

හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ හැටන් - බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයේ දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයෙන් විශාල පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

අද (20) උදෑසන 11:00ට පමණ මෙම පස්කන්ද මාර්ගයට කඩාවැටී ඇති අතර, මේ වන විට හැටන් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස් ඉවත් කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ

පස්කන්ද යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඉක්මනින් ඉවත්කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වෙත ද දැනුම් දී ඇති බව හැටන් පොලීසිය පවසයි.

අදාළ ස්ථානයෙන් තවදුරටත් පස්කඳු සහ පස් තට්ටු කඩාවැටීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එම මාර්ග කොටස භාවිතා කරන රථවාහන රියදුරන්ට දැඩි විමසිල්ලෙන් සහ සැලකිලිමත්ව කටයුතු කරන ලෙස හැටන් පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

තත්ත්වය දරුණු අතට - ගංගා කීපයක් අසල ප්‍රදේශ දරුණු අවදානමක සූදානම් වෙන්නයැයි දැනුම්දෙයි

තත්ත්වය දරුණු අතට - ගංගා කීපයක් අසල ප්‍රදේශ දරුණු අවදානමක සූදානම් වෙන්නයැයි දැනුම්දෙයි