හෙට උදෑසන 10 දක්වා අවදානම් නිවේදන - නායයෑම් අනතුරු ඇඟවීම යාවත්කාලීන කෙරේ

Report

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පෙරවරු 10.00 සිට හෙට (21) පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මකයි. අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

*ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, නෙළුව

*මහනුවර – පස්බාගේ කොරළය, ගඟ ඉහළ කෝරළය

*කෑගල්ල – යටියන්තොට, දෙහිඕවිට, දැරණියගල

*මාතර – පිටබැද්දර

*නුවරඑළිය – කොත්මලේ, කොත්මලේ නැගෙනහිර

*රත්නපුර – අයගම, පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ

*කළුතර – පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අදියර 1 යටතේ විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

*කොළඹ – සීතාවක

*කළුතර – ඉංගිරිය

*කෑගල්ල – රුවන්වැල්ල, වරකාපොල, අරණායක, බුලත්කොහුපිටිය

*මාතර – කොටපොල, අකුරැස්ස

*රත්නපුර – කිරිඇල්ල, කලවාන

*ගාල්ල – තවලම