රටම කම්පා වූ අනෝජන් වෙනුවෙන් වතුකරයේ තරුණයන් පාරට - පොදු සමාව ඉල්ලා විරෝධතාවක්
සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව ඇති බව කියන ශ්‍රී ලාංකික තරුණයාට සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් වතුකරයේ තරුණයන් පිරිසක් අද (20) දින නිහඬ විරෝධතාවක නිරතව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා හින්දු සංවිධාන සංසදය මඟින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණ අතර එය හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී පැවැත්වුණ බව සඳහන්.
සෞදි අරාබියේ සේවය කරන අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට මරණ දඬුවම නියම වී තිබුණේ යාපනය සිට කතරගම දක්වා හින්දු බැතිමතුන් පැමිණි පාදයාත්‍රාවක සිටි සුනඛයෙකුට කල්මුණේ ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු පා පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් අනෝජන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් බව සඳහන්.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
ඒ අඳාළ ප්‍රතිචාරය තුළින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමින්. කෙසේ වෙතත් තමා දැක්වූ අදහස සම්බන්ධයෙන් සමාව අයැදිමින් අනෝජන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුව වීඩියෝවක් ද පළකර තිබුණා.
එහෙත් අනෝජන් පළකර තිබූ ෆේස් බුක් අදහස තුළ ඉස්ලාම් ආගමට හා ආගමික නායකයෙකුට අපහාසයක් වූ බව තීරණය කළ සෞදි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර ඇති බව සඳහන්.
හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රජය මේ පිළිබඳ මැදිහත්වීමෙන් සිදුකළ අභියාචනයකින් අනතුරුව එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්ර වී ඇති බවයි.
එසේම මේ වන විට අනෝජන් සිවරාසා නමැති එම තරුණයා නිදහස් කරගැනීමට මේ වනවිටත් විශේෂ මැදිහත්වීමක් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.