දරුණු අනතුරක් - බස් රථයක් පෙරළී පාසල් දරුවන් 5ක් රෝහලට

Report

බණ්ඩාරවෙල විශාඛා බාලිකා මහ විද්‍යාලයේ පැවැත්වෙන ඉංග්‍රීසි මාධ්‍ය තරගයකට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල 'ත්‍රී මයිල් රෝඩ්' මාර්ගයේ අධික බෑවුම් සහිත කොටසක ධාවනය වෙමින් තිබියදී බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් රථය පසුපසට ධාවනය වී පාරෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

තත්ත්වය දරුණු අතට - ගංගා කීපයක් අසල ප්‍රදේශ දරුණු අවදානමක සූදානම් වෙන්නයැයි දැනුම්දෙයි

තත්ත්වය දරුණු අතට - ගංගා කීපයක් අසල ප්‍රදේශ දරුණු අවදානමක සූදානම් වෙන්නයැයි දැනුම්දෙයි

අනතුරින් තුවාල ලැබූ සිසුවියන් පස්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව බණ්ඩාරවෙල මූලික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ