දිස්ත්‍රික්ක 05කට නාය යාමේ අනතුරු...
By Parami Dissanayake
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමඟින් නිවේදනය කර ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රදේශවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර ප්‍රදේශවලටත් කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
තවද, කෑගල්ල දිස්ත්‍රික්කයේත් මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොල සහ කෑගල්ල ප්‍රදේශවලට නාය යාමේ අනතුරු අඟවා ඇත
.
එපමණක් නොව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවත්ගම ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බළන්ගොඩ ප්‍රදේශ සඳහා ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
