ජනපති හමුවට ගිය T20 කණ්ඩායම...
By Parami Dissanayake
අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (14) විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතය.
ඒ සඳහා හෙට උදෑසන වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුක්තව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට සුදානම් ය.
ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගැනීමට සිය සුබපැතුම් ද පිරිනැමීය.
ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි දී පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත ව ඇත.