කෝටිපති ව්‍යාපාරික, හිටපු සෙලාන් බැංකු ආරම්භක සභාපති ලලිත් කොතලාවලගේ මරණය ගැන සැකයක් - අවසානයේ මරණයට හේතුව හෙළි වෙයි..

Sri Lanka Death
By krishani Oct 24, 2023 02:18 AM GMT
krishani

krishani

Report

ප්‍රකට කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් ⁣මරණ පරීක්ෂණය මේ වන විට සිදුකර තිබෙනවා.

එහිදී මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට අණාවරනය වී තිබෙනවා.

ඒ බව බම්බලපිටිය පොලීසිය සඳහන් කළේ ය.

ඊයේ (23) විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ ය.

ඒ ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවට පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරනු ලැබිණ.

එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් සිදු කළේ ය.

ReeCha